Colombo Today Local News

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (5) සහ අනිද්දා (6) දෙදින තුළ අමුත්තන්ට බන්ධනාගාර සිරකරුවන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දින දෙක තුළ සිරකරුවන්ගේ ඥාතීන් විසින් නිවසේ සිට රැගෙන එන ආහාර පාර්සල් සහ රසකැවිලි එක් අයකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ඇත.

බන්ධනාගාර නීති රීති වලට අනුකූලව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමට කටයුතු සිදු වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

දිවයිනේ සියලු බන්ධනාගාර ආයතන විසින් මෙම පහසුකම ලබා දී ඇති බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

අද රාත්‍රී 10 සිට දිවයින පුරා ඇඳිරි නීතිය

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

‘මට කියන ජාති මම දන්නව.. මහත්මා ගාන්ධි තරම් මම තවම බැනුම් අහල නෑ‘ – ජනපති

colombotoday

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට තවත් නියෝගයක් : අද පස්වරු 6.00 ට වාර්තා කරන්න

colombotoday

නෞකාව කළ හදියෙන් ජිවන මග කඩා වැටුන ධීවරයින්ට රජයෙන් රු. 5000ක්

colombotoday