Colombo Today Local News

ලක්ෂ 70 ක කහ තොගයක් මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී අල්ලයි

මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මාරවිල පොලිසිය අද(10)දින අලුයම අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ගෙන ආ බව කියන මෙම කහ තොගය, මුහුදුකටුව වෙරළ තිරයේ සිට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාදම්පේ,තොඩුවාව හාබරුදැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසි කියයි.

අදාල කහ තොගය මුහුදුකටුව සිට මීගමුවට රැගෙන යාම සදහා කටයුතු කර ඇති බව පරික්ෂණවලින් අනාවරණය වී තිබේ.

කහ තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා ලොරි රථය සමග කහ තොගය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

උපවාසය දරුණු අතට හැරෙයි.. විමල් වතුරත් එපා කියයි !

colombotoday

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

colombotoday

පක්‍ෂ නායකයන්ගේ රැස්වීම ඇරඹෙයි

colombotoday

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල 275 යි

colombotoday