Colombo Today Local News

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සහ ආයෝජන දිරි ගැන්වීමට විශේෂ ඒකක පිහිටුවීමට අනුමැතිය

පාඩු ලබන සහ අසතුටුදායක තත්ත්වයක පවතින රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය නමින් විශේෂ ඒකකයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අදාළ රාජ්‍ය ආයතන පාඩු ලැබීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට දැඩි පීඩනයක් එල්ල වී තිබීම පිළිබඳව සලකා බලා රජය මෙම තීරණය ගෙන ඇත.

පාඩු ලබන රාජ්‍ය ආයතන හේතුවෙන් මහා භාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවම කර ගැනීම සඳහා වන ක්‍රම හඳුනා ගනිමින් රජය සතු ව්‍යවසායයන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ඒකකය ස්ථාපිත කිරීම සිදු කෙරෙයි.

මේ අතර මෙරට සිදු කෙරෙන ආයෝජන දිරි ගන්වමින් ක්‍රියාත්මක වීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය නමින් ඒකකයක් ස්ථාපිත කිරීමට ද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමේදී ආයෝජකයන් මුහුණ දෙන දුෂ්කරතා හා ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරමින් ආයෝජන දිරි ගැන්වීම මෙමඟින් සිදුකිරීමට නියමිතය.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති හඳුනාගෙන නිශ්චිත කාලරාමුවක් තුළ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ද මෙම රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය මගින් සිදු කෙරෙයි.

Related posts

“ඒ චීවරධාරියාට පිස්සු” ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට මාධ්‍ය ඉදිරියේ බැණවදී (Video)

colombotoday

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපති

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව : විත්තිකරුවන් 37කට ඇප

Admin

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday