Colombo Today Local News

සිසුන්ට මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

හොරණ, ගෝනපොල ආදී ප්‍රදේශවල පාසල් සිසුන්ට සහ අමතර පංති සිසුන්ට ගංජා මිශ්‍ර මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.

වෙළෙඳ සල තුළ සඟවා තිබූ ගුලි 1350 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

ගෝනපොල හන්දියේ සිංහල බෙහෙත් බඩු වර්ග අලෙවි කරන වෙළෙඳ සලක රුපියල් 200 බැගින් මිලකට මත් ගුලි පාසල් සිසුන්ට සහ අමතර පන්ති යන්න සිසුන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරන බවට පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා ගේ යටතේ පවතින කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් සැරයන් 9264 රෝහණ මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කාලයක සිට මෙය සුදු කර ඇති බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරියෙක් පවසයි.

Related posts

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

සිංහල නමකින් පෙනී සිටිමින් ජාතිවාදය ඇවිලවූ මුස්ලිම් සිසුවා රිමාන්ඩ්

colombotoday

අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…

colombotoday

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

colombotoday

ශිෂ්‍යාවන් හය දෙනෙකුට පාසල් ගුරුවරයකුගෙන් ලිංගික අතවර

colombotoday