Covid 19

කොරෝනා ආසාදනය වූ මාධ්‍යවේදියෙකු මිය යයි

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම තරුණ දමිළ මාධ්‍යවේදියෙකු වූ ප්‍රකාශ් ඥාන ප්‍රකාශම් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත.

විසි හය හැවිරිදි මෙම තරුණයා කලක සිට ඔස්ටියෝපොරෝසිස් හා සමාන ඇවිදීමට නොහැකි රෝගී තත්ත්වයක සිට ඇත.

ඊයේ (02) උදෑසන කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන ඇති අතර ඊයේ සවස් යාමයේ දී ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

මොහු හතර දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා වශයෙන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ දී උපත ලබා එම ප්‍රදේශයේ දීම ජීවිතයේ අවසන් ගමන් ගොස් ඇත.

මෙම තරුණ මාධ්‍යවේදියාට වයස අවුරුදු තිහට අඩු බැවින් කොවිඩ් එන්නත ලබා ගැනීමට නොහැකි වී ඇත.

Related posts

පෑලියගොඩ මැනිං හා මාළු වෙළෙඳපොළේ වෙළෙඳුන්ටත් කොවිඩ් එන්නත

colombotoday

නව කොවිඩ් ආසාදිතයන් 326ක් හදුනා ගැනේ

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

තවත් කොරෝනා මරණයක්

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday