Colombo Today Local News

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ්

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙ‌නෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට ද මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත.

මීට අමතරව ශල්‍යාගාරයේ, වාට්ටුවල සේවයකරන වෛද්‍යවරුන්ට ද කොවිඩ් ආසාදනය වී තිබේ.

එමෙන්ම රෝහලේ හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙන්ම සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ටද කොවිඩ් ආසාදනය වී ඇති බව වෛද්‍යපාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

colombotoday

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ට පදවි සන්නස්පත්‍රය පිරිනැමේ (Photo)

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

මැන්ඩෙලා ගිය මගේ යමු… ජනපති ලෝක නායකන්ට ඇරයුම් කරයි…

colombotoday

සත පහක්වත් ආයෝජනය නොකර බිලියනයක වාර්ෂික ශුද්ධ ආදායමක්.. කරුංකා ජාවාරමෙන් බදියුදීන් ගරන හැටි මෙන්න

colombotoday