Colombo Today Local News

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වල යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා අවධාරණය කරයි.

දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා ද කියන ප්‍රශ්නය අපට තිබෙනවා යැයි පැවසූ සභාපතිවරයා ඇතැම් දේශපාලන පක්‍ෂවල තනි තැනක බලය පවතින බව ද පෙන්වා දෙයි.

අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම් උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (15)දින පැවති අවස්ථාවේදී පුංචිහේවා මහතා එසේ පැවසීය.

ඇතැමුන් මැතිවරණයකදී අති දැවැන්ත මුදලක් වියදම් කරන නමුත් ඇතැම් අපේක්‍ෂකයන්ට පෝස්ටරයක් ඇලවීමට තරම්වත් හැකියාවක් නැතැයි ද සඳහන් කළ සභාපතිවරයා මැතිවරණයේදී මුදල් වියදම් කළ අය වෙත ළැදියාව සහ බැඳියාව පවතින බව ද පැවසීය.

මැතිවරණවලදී මුදල් වියදම් කිරීම පාලනය කිරීමට බලතල තිබිය යුතු බව ත් ඒ සඳහා වියදම් පාලන කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්‍ෂා කරන බව ත් පුංචිහේවා මහතා පැවසීය.

දූෂණවලට සම්බන්ධ අපේක්‍ෂකයන් මැතිවරණවලට ඉදිරිපත් වන නමුත් එය මැතිවරණ කොමිෂන් සභාවට පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මැතිවරණවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති අය හැරෙන්නට ඇඟලුම් කම්හල්වල සේවකයන්, විදේශගත, ඡන්ද හිමියකම් ඇති අය, රෝහල් කාර්ය මණ්ඩල, මාධ්‍යවේදීන් ඇතුළු කොටස් කිහිපයකට මැතිවරණ දිනයට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමට පියවර ගන්නා බව ද පැවසීය.

Related posts

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

කොළඹ වරාය බහලුම් පිවිසුම් මාර්ගයේ දොරටු 4 ක් වසා දැමේ..

colombotoday

ට්‍රැෆික් කන්ට්‍රෝල් අන්තිමයි.. දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිටවීම අවහිරයි.. පෝලිම කිලෝමීටරයකට වැඩියි

colombotoday

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday