Uncategorized

ජෙයරාජ් ඇතුළු 16ක් ඝාතනයට සැක දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

වැලිවේරියේදී 2008 වර්ෂයේදී බොම්බයක් පුපුරුවා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (01)දින නියෝග කළේය.

එලෙස නිදොස් කොට ඇත්තේ, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන සෙල්වරාජා කිරුබාකරන් සහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති සැකකරුවන් දෙදෙනාය.

2008 වර්ෂයේ අප්‍රේල් මස 6 වෙනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ 84 දෙනකු ඝාතනයට තැත්කිරීම, ඝාතනයට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 31ක් යටතේ හිටපු කොටි සාමාජිකයකු වන සෙල්වරාජා කිරුබාකරන් ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

Related posts

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

කොන්දේසි 13ට යටත්ව TNA සහය සජිත්ටයි !

colombotoday

ඉදිකිරීමට ගිය වියදමටත් වඩා අඩුවෙන් මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙන්න සාකච්ඡා…

colombotoday

මන්ත්‍රී බන්දුලට මහේලගෙන් අවවාදයක්

colombotoday

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ගන්න ජනපතිට සම්පූර්ණ සහය දෙනවා – මෛත්‍රී

colombotoday

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin