Colombo Today Local News

ඉන්දියාවෙන් පරණ යකඩ ගෙන්වීමට බදු සහන… ලංකාවේ යකඩ කර්මාන්තය සුන්… ලක්ෂ 3ක් අනාථයි

ඉන්දියාවෙන් අබලි යකඩ ගෙන්වීමට මෙවර අයවැයෙන් බදු සහන ලබා දීම නිසා ලංකාවේ අබලි යකඩ එකතු කිරීමේ කර්මාණ්තය මුළුමනින්ම කඩා වැටී ඇති බවත් එම කර්මාන්තය හරහා යැපුනු ලක්ෂ 3ක පමණ පිරිසක් අසරණ වී ඇති බවත් සමස්ත ලංකා පරණ යකඩ එකතු කිරීමේ සංගමය පවසයි.

මෙවර අයවැයෙන් අබලි යකඩ ආනයනයට රජය විසින් ලබා දී ඇති බදු සහන වලට විරෝධය පළ කරමින් ලබන 16 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව ප්‍රකාශ කළා.

වැඩි දුරටත් අදහස් දැක්වූ එම සංගමයේ එම සංගමයේ සභාපති ආර්.විජේකුමාර් මහතා මෙසේද පැවසීය.

දෙසැම්බර් 16 වනදාට අපි තුන්දහක්‌ පමණ කොළඹට ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවෙන් ගෙන්වන යකඩ බිලට්‌ සඳහා ලබා දෙන බදු සහනය නිසා දේශීයව අබලි යකඩ මිල පහත ගිහිල්ලා. අපේ සල්ලි පිටරටට ඇදෙනවා.

අපිට ඉස්‌සර නගර සභාවලින් ප්‍රාදේශීය සභාවලින් ප්‍රසාද සහතික දුන්නා පරිසරයට හිතකාමීව අබලි යකඩ හා ද්‍රව්‍ය ඉවත් කිරීම නිසා. දැන් යකඩ විකුණගන්න බෑ. යකඩ ඉල්ලුම බිංදුවට බැහැලා. යාඩ්වල යකඩ ගොඩ ගැහිලා. පී. එච්. අයි. මහත්තුරු දැවිල්ලා දැන් අපිට නඩු දානවා, අපි මොනවා කරන්න ද?

අපේ රටේ යකඩ උණු කරන ආයතන අපේ යකඩ ගන්නේ නෑ ඒ අය ඉන්දියාවෙන් ගෙන්වන යකඩ බිලට්‌ ගන්නවා උණු කරන්න. ඒක නිසා අපේ කම්කරුවෝ, සේවකයෝ යකඩ වෙළෙන්දොa යකඩ ගොඩගහගෙන බලන් ඉන්නවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා ඉන්දියන් යකඩ බිලට්‌ සඳහා ඇති බදු සහන ඉවත් කරලා අපේ යකඩවලට ඉල්ලුමක්‌ ලබා දෙන්න කියලා.

(ඉන්දියාවෙන් පරණ යකඩ ගෙන්වීමට අයවැයෙන් බදු සහන දීමට විරෝධය පළ කරමින් පසුගිය 26 වනදා ගාල්ලේදී පැවති විරෝධතාවය)

Related posts

දැව කඳන් ඇඟට පෙරළී පුද්ගලයෙක් මරුට

Admin

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

බැදුම්කර වාර්තාව ගැන නීතිපතිගේ තීරණය ජනපති ලේකම්ට දැනුම් දෙයි…

colombotoday

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin