Colombo Today Local News

මේ අපේ ආණ්ඩුවක් නෙවෙයි, මේක අටපට්ටමක්.. කොහොම වුණත් මට ඕන අමාත්‍යාංශයනම් මම ගත්තා

mahinda sb

අපේ ආණ්ඩුව අටපට්ටමක්. මේක අපේම ආණ්ඩුවක් නොවෙයි. වැඩ කරන්න අමාරුයි. කොහොම වුණත් මම වැඩ කරනවා. කොහොම වුණත් මට වුවමනා අමාත්‍යාංශ ටික නම් මම ගත්තා. යැයි සමාජ සුබසාධන හා සමෘද්ධි අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ පෙරේදා (03) නුවරඑළියේ පැවති ශ්‍රමදාන ව්‍යාපාරයකට සහභාගී වෙමිනි.

සන්ධානය රැකගැනීමට තමා මහන්සි වන නමුත් තමා දැන් සිටින්නේ පෙරළිකාර වැඩ කළහැකි වයසක නොවන බවත්, ශ්‍රීලනිපය දෙකට බෙදුනොත් විශාල පරාජයක් අත්වන බවත්, පක්ෂය නොකඩාගෙන ගියොත් ශ්‍රීලනිපයට රජයක් පිහිටුවීමේ ඉඩකඩ ඇතිබවත් අමාත්‍යවරයා එහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. සීමා නිර්ණ කටයුතු වලින් සියයට 90ක් පමණ මේවන විට නිමා කර ඇති බැවින් පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසය වනවිට පැවැත්වීමට හැකි වෙතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

විභාග පැවැත්වෙන දින නිකුත් කෙරේ

colombotoday

මර්වින් සිල්වා ශ්‍රී ලනිප යේ සාමාජිකත්වය ලබාගනී

colombotoday

මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !

colombotoday

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday

දේශබන්ධුගේ මාරුව ක්‍රියාත්මක නොකළාට ලේකම්ට නොතීසි!

colombotoday

බදු වැඩිවීම ස්ථීරයි.. විදුලියට, ජලයට අදාළ නොවෙයි.. පුද්ගලික සෞඛ්‍ය, විදුලි සංදේශ සේවාවලට අදාල වෙයි !

colombotoday