Colombo Today Local News

මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ කටයුතු සමච්චලයට සහ හෙළාදැකීමට ලක්විය යුතු කරුණක් බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කරයි.

2016.12.21 වන දින අධිකරණ අමාත්‍යවරයා මඩකලපුවේදී කල කතාව සම්බන්ධයෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නිවේදනයක් කරමින් විරෝධය දක්වා ඇත.

“පසුගිය රජය කාලයේ බොදු බලසේනා සංවිධානය කටයුතු කලේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් මේ වනවිට කටයුතුකරමින් සිටින්නේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් අමාත්‍යවරයා නොදන්නා කරුණක් නොවේ. සම්පූර්ණයෙන්ම ජාතිවාදි දැක්මකින් අනෙකුත් ජාතීන්ට එරෙහිව සැළසුම් සහගත අන්දමින් කටයුතු කරමින් සිටීම මේ වනවිටත් දැකගැනීමට ඇත.

මඩකලපුව විහාරාධිපති සුමනරතන හිමිනම පවා ඉතාමත් අසභ්‍ය සහ අශිලාචාර වචන භාවිතා කර, දෙමළ ජනතාවටත් රජයේ නිලධාරීන්ටත් බැනවැදී ඇත. ඒ පිළිබඳ වීඩියෝ මේ වනවිටත් සමාජ ජාල වෙබ් අඩවිවලින් දැකගැනීමට හැකිය.මෙවැනි පුද්ගලයින්, සිංහල ජනතාවගේ හඩ ලෙස පිළිගැනීම සහ සිංහල ජනතාවගේ නියෝජිතයින් බවට සහතික ලබාදීම මගින්, අමාත්‍යවරයා සිංහල බෞද්ධ ත්‍රස්ථවාදීන් සමග සමගියෙන් කටයුතු කරන බව පෙන්වාදී ඇත. මෙවැනි පුද්ගලයින්ගෙන් සංහිදියාව බලාපොරොත්තුවිය නොහැකිය. අධිකරණ හා බුද්ධ සාසන අමාත්‍යංශයේ බලයේ සිටින පුද්ගලයෙකු නීතිය සම්පූර්ණයෙන්ම අත්හැර, ජාතිවාදීන් වන බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා ආරක්‍ෂා කරන අන්දමින් කටයුතු කිරීම අනෙකුත් ජනවර්ග සහ ආගම් හෑල්ලුවට ලක්කිරීමේ ක්‍රියාවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවකදී, අධිකරණ අමාත්‍යවරයාගේ අදහස්වලටත්, කටයුතුවලටත් ජාතික ජනවර්ගයන් අතර අවිශ්වාසයක් සහ බියකරු හැගීමක් ඇතිකරවා ඇත. එය අප දැඩිලෙස හෙළාදකින අතර, අමාත්‍යවරුන් මේ ආකාරයෙන් පක්‍ෂපාතීව කටයුතු කිරීම රටේ සංහිදියාවත්, සමඟියත් ගොඩනැගීමට මාර්ගය සකසා නොදෙන බව පෙන්වාදීමට කැමැත්තෙමි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related posts

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday

අගමැති සමග පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්… වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අඛණ්ඩව

colombotoday

වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ.. කම්කරු දිනය කල් නොදමනු – පෙරටුගාමීන්ට මළපනී, අරගලයකට සැරසෙයි

colombotoday

“මහා නියගයක් අනිවාර්යයි.. වැස්සොත් වාසනාව“ – ඇමති දෙපොළක් අනතුරු අගවයි

colombotoday

තමුසෙට පුළුවං දෙයක් කරනවා – සාලිගෙන් බුද්ධශාසන ඇමති විජේදාසට අභියෝග Video

colombotoday

උතුරේ දේශපාලන පෙරළියක්.. ටී.එන්.ඒ. දෙදරයි.. පක්ෂ කිහිපයක් ඉවත් වී නව සන්ධානයක් හදයි !!

colombotoday