Colombo Today Local News

ඉරනයෙන් නැවතත් තෙල්

iran55ඉරානයෙන් ඛනිජ තෙල් නැවත ආනයනය කිරිමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරිමත් සමග මෙලෙස ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබදව ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සහ මෙරට ඛනිජ තෙල් කාර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(24) පවත්වා තිබේ.

2012 වසරේ සිට ඉරානයට පනවා තිබූ සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකා රජය ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගැනිම නතර කර තිබුණි.

ඛනිජ තෙල් මිලදී ගැනිම පිළිබඳව පවත්වනු සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර ඊට අදාළ ගිවිසුමක් අත්සන් කිරිමට ද නියමිත බව වාර්තා වේ.

ඉරානයෙන් ඛනිජ තෙල් ආනයනය කිරිම තුළින් ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්පත් කර ගත හැකි බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

Related posts

මැයව හදුනනවාද? වහාම පොලිසියට දන්වන්න.

colombotoday

ණය අර්බුදයේ තරම කැබිනට් තීරණයෙන් තහවුරු වේ.. අධික පොලියට තවත් ණය ගනී !

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ…

Admin

මේ රටට ලැබිල තියෙන ලොකුම තෑග්ග බුද්ධාගමයි. එය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක් – කාදිනල් තුමා කියයි.

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට විදෙස් රටවල් 6කින් එන මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

colombotoday

හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300කට වැඩි මුදලක් ලැබුනේ කෙසේද? විධිමත් පරීක්ෂණයක් කරන්න. පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශ

colombotoday