Colombo Today Local News

“කථා දමනවා විතරයි, මේ ආණ්ඩු පොජ්ජත් වැඩක් නෑ” වන්නියලෑත්තෝ යහපාලනය ගැන කළකිරීමෙන්

vanniyalaattho

“ලොකු තැනේම තිබෙන ගැටළු පොජ්ජ තමයි ආණ්ඩු පොජ්ජවල් තීරණ මන්දො කර ගන්නවා. වැදි මිනිස් ගජ්ජුන්ට ඒ ඇත්තන්ගෙ පරම්පරා පොජ්ජ ආරක්‍ෂා පොජ්ජ මන්ද කරන්ඩ ඕනැ කියල කථා දමනවා, ” දඹානේ වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් මේ පවසන්නේ වැදි ජනතාවගේ ගැටළු ගැන කතා ‘කතාවට පමණක් සීමාවී තිබීම’ ගැන කනස්සල්ල පළ කරමිනි.

වැදි ජනතාව කෙරෙහි නව රජය සංවේදී වී තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු වැදී නායකයා එසේ කියා සිටියේ බිබිසි සංදේශය සමග සාකච්ජාවකට එක්වෙමිනි.

ඔහු පැවසුවේ නව රජයද තම ජන කොටස පිළිබඳව අවධානයක් යොමුකර නොමැති බවයි.

එසේම ඇතිව තිබෙනවායැයි කියන වෙනස තමන්ට නම් නොවැටහෙන බවද පවසන වැදි නායකයා මෙරට සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු ප්‍රශ්න කරයි.

Related posts

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු ආපන ශාලාවක දී කොටු

colombotoday

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය කිරීම ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

colombotoday

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්….

colombotoday

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයි

Admin