Colombo Today Local News

කොළඹට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබාදීම යුද හමුදාව අත්හිටුවයි

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත බවය.

මේ අතර, කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අද (08) දින එන්නත් ලබාගැනීමට එන ලෙසට දැනුම්දෙමින් කෙටි පණිවුඩ ලැබුණ පුද්ගලයින් ට ඒ සඳහා නොපැමිණෙන ලෙසය.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වසය අවුරුදු 55 ත් 69 ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලබාදීම ඊයේ (07)දින සිට ආරම්භ කෙරිණි.

මේ අතර, වසස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ ප්‍රතිශතයේ අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට තුළ කොවිඩ් මර්දනය සඳහා එන්නත්කරණ කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද දිනයේ සිදුකරන බව අනුරාධපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කරයි.

Related posts

ටික්ටොක්, Facebook ඇවිත් පොලිසියේ කීර්තියට හානි කරන නිලධාරීන්ට දැඩි දඬුවම්

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

අත්අඩංගුවට ගන්න හොයන ඥාණසාර හිමියන්ගෙන් රහසිගත තැනක සිට ලිපියක් !!

colombotoday

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ජාත්‍යන්තරයට ගිහින් මුසාවාදා කියන්නේ නැතුව මැතිවරණය තියන්නැයි සජිත් ආණ්ඩුවට අභියෝග කරයි

colombotoday

කාන්තාවන්ගේ කැමැත්තෙන් පිරිමි ළමයින් දූෂණය කිරීමත් අපරාධයක්

colombotoday