Colombo Today Local News

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

මීගමුව බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් දඬුගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන වෑන් රථයක් ද මීගමුව බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගෙන ඇත.

මේ අතර ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් රත්මලාන, තෙලවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගංජා කිලෝග්‍රෑම් දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මූලික විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ පොලිස් ස්ථාන මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දෙස් විදෙස් සංචාරකයින්ට, නව සංචාරක කලාප කිහිපයක්

colombotoday

ෆේස්බුක් වාරණයෙන් ඥාණසාර හිමියන්ගේ නම වෙනස් වෙයි !

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට අසාද් සාලි ජාතික විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර ඉල්ලයි.

colombotoday

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday