Colombo Today Local News

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

QR කේතය නීති විරෝධීව සකස් කරන සහ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ අවධානය යොමු කොට ඇත.

මෙහිදී කඩිනමින් වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් QR කේතු නිකුත් කිරීමට ලියාපදංචි කරවීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකතන අංකයකින් ව්‍යාපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට ආවේණික ලියාපදංචි අංකයක සමග සියලු වාහන ලියාපදංචි කරවීමට පහසුකම් සැලසීම, සංචාරකයන් වෙනුවෙන් ඉන්ධන අවසර පතක් ගුවන් තොටුපළේදී ඩොලර්වලින් මිල දී ගැනීමට පහසුකම් සැපයීම, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග ස්වයංක්‍රියව ඒ මොහොතේ යාවත්කාලීන වන පහසුකම් සංවර්ධනය කිරීම, අවශ්‍යතාව අනුව ඉන්ධන කෝටාව වැඩි කිරීමේ පහසුකම් සැපයීම සඳහා අවධානය යොමුව තිබේ.

Related posts

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday

නරඹන්නන් වට කරගෙන තිදෙනෙක්‌ දියේ ගිලෙද්දී ජිවිතය නොතකා ඔවුන්ගේ ජිවිතය බේරුවේ ඔහුය

colombotoday

කොළඹ පාලුවට යයි – ප්‍රවාහන පහසුකම් අවමයි

colombotoday

කොරෝනා හමුවේ සර්වබලධාරී දෙවියොත් අසරණ වෙයි… මක්කම මහ දොවොල හිස් වෙයි !

colombotoday

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

colombotoday