Colombo Today Local News

84 හැවිරිදි විශ්‍රාමික ගුරු මව පන්දාහේ කොල මිටියක් ජනපති අතටදී කල ඉල්ලීම

පුත්තලම, කාක්කා පල්ලිය, මනක්කුලම පදිංචි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී මාරසිංහ විශ්‍රාමික ගුරු මව රුපියල් ලක්ෂ 02 ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස ජනාධිපතිතුමාට පිළිගන්වයි.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස (06) පුත්තලම දිස්ත්‍රික්කයේ චාරිකාවේ නිරතවෙමින් මාදප්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මේ පරිත්‍යාගය භාර දෙනු ලැබීය.

ජනාධිපතිතුමනි,

“නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් – ස්වංයපෝෂිත රටක් අපට දෙන්න”

ඇය රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත රුපියල් ලක්ෂ 02ක මුදල ඔතා දුන් කොළයේ සටහන් කර තිබිණ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද 73ක් අත්අඩංගුවට…

colombotoday

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

කොස්ලන්දේ අක්කර 8 ක ගංජා තවාන් මාට්ටු

colombotoday

කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක්

colombotoday

“අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා” – ජනපති

colombotoday

නාදුනන පිරිසක් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර පලා ගිහින්. තවත් අයෙකුට බරපතලයි

colombotoday