World

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

වඳුරු උණ ආසාදනය වී තිබෙන බල්ලෙකු ප්‍රංශයේ හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බල්ලාගේ හිමිකරුවන්ට ද වඳුරු උණ ආසාදනය වී ඇති අතර ඊට දින 12කට පසු බල්ලාගේ බඩේ සැරව බිබිලි ඇති වී ඇත.

තමන්ට රෝග ලක්ෂණ ඇති වූ පසු ඔවුන් තම බල්ලා වෙනත් පුද්ගලයින්ගෙන් සහ වෙනත් සුරතල් සතුන්ගෙන් ඈත් කර ඇති නමුත් ඔවුන්ගේ ඇඳේ සතා සමඟ නිදාගෙන ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

මිනිසුන් අතරේ ව්‍යාප්තිය සිදුවන වඳුරු උණ බල්ලෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය බව පැවැසෙයි.

ආසාදිත බල්ලාගෙන් යළි විකෘතිකරණය වී, වෛරසය මිනිසුන්ට ආසාදනය වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin

ලංකාවේ සහ නේපාලයේ පාලන බලය ඇල්ලීමේ ‘ඉන්දීය අරමුණ’ දැඩි විවේචනයට

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday

නබි තුමාට අවමන් කළා යැයි උද්ඝෝෂණය කල මුස්ලිම් ජාතිකයන්ට පන්න පන්නා පහර දෙති. දෙදෙනෙක් මරුට

colombotoday

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්

Admin

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Admin