Colombo Today Local News

දේශීයව නිපද වූ නව ඖෂධ තුනක් වෙළඳපොළට

මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40% ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20% ක ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඖෂධ ගෙන්වීම සඳහා වැය කරන විශාල මුදලක් මේ හරහා ඉතිරි කර කර ගැනීමට හැකි වනු ඇතැයි ද, පවතින ඩොලර් අර්බුදයට මෙමගින් ඉහළ විසඳුමක් අපේක්ෂා කරන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන කරයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නව ඖෂධ තුනක් වෙළඳපොළට නිකුත් කිරීම නිමිත්තෙන් රත්මලාන පිහිටි එම සංස්ථා පරිශ්‍රයේ පැවැති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin 50mcg, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole 20 mg කරල් සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid 50 mg පෙති විවෘත වෙළෙඳ පොළට නිකුත් කිරීම නිලවශයෙන් සිදුවිය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පෙන්වා දෙන්නේ, මෙම ඖෂධ රජයේ රෝහල්වලට හා පෞද්ගලික අංශයට නිකුත් කෙරෙන අතර මෙය මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළ ජයග්‍රහණයක් බවයි.

මෙරට ඖෂධ නිෂ්පාදනයේ පවතින ගැටලු මෙන්ම ඒ ඉලක්කගත වැඩපිළිවෙළ පිළිබඳව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ අතර එම අඩුපාඩු කඩිනමින් විසඳා ගනිමින් රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයේ නිසි ඉලක්ක සපුරා ගැනීම සඳහා වඩා අවධානය යොමු කරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

රටට අවශ්‍ය සියලු ඖෂධ නියමිත ඉලක්කයට දේශීයව නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් එය ඉහළ ජයග්‍රහණයක් බවත් ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සතු වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.

Related posts

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

colombotoday

අභිරහස් අතකින් තාජුඩීන් ඝාතකයන්ට රැකවරණ

colombotoday

“වසත් සිරිය 2023” අප්‍රේල් 22 වන දා ගාලු මුවදොර හරිත භූමියේ දී

Admin

නබි තුමා හීනෙන් කිවායැයි පවසා 77ක් වයසැති ජෙලීල් මොහොදීන් වැලිගම අවුරුදු 17ක දැරියක් සහේට ගනී

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday