Colombo Today Local News

පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් CEYPETCO අංක එකට – මාස 4ක් තුළ බිලියන 628ක පාඩුවක්

වසරේ මුල් මාස 4 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ.

ඒසේම ඒම පාඩුව‌ මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් 73%ක අගයක් ගනී.

ඛනිජ තෙල් සංස්ථාව මේ ආකාරයට අලාභ ලැබීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ විනිමය අනුපාත හරහා ලැබූ අලාභයයි.

එම අගය රුපියල් බිලියන 550ක් පමණ වෙයි.

ඒසේම සමස්ත රජයේ ව්‍යාපාර 52 මේ වසරේ මුල් මාස හතර තුළ ලැබූ රුපියල් බිලියන 860ක අලාභය 2021 වසරේ සියලුම රාජ්‍ය ආයතන ලැබූ සමස්ත පාඩුව ඉක්මවා යාමක්ද වී ඇත.

Related posts

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Admin

රතු වරෙන්තු ඇති ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් ලංකාවට ඇතුළු වේ..

colombotoday

රංජන් රාමනායක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට

colombotoday

අයථා ලෙස කෝටි ගණනින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක්

colombotoday

‘අපි එකග නෑ.. නාහිමිවරුන්ගේ ප්‍රකාශය යළි සළකා බැලිය යුතුයි‘ – දෙමළ සන්ධානය

colombotoday

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin