Colombo Today Local NewsHot News

බොදු බල සේනාව ISIS සමග සම්බන්ධ බවට සැකයක් මතුව තිබෙනවා – උලමාගෙන් ඉළ ඇදෙන කතාවක්

ulamage jokeබොදු බල සේනා සංවිධානය සහ ISIS ත්‍රස්තවාදී සංවිධානය අතර රහසිගත සම්බන්ධතාවයක් පවතිනවාද යන්න සැකයක් මතු වී ඇති බව ශ්‍රී ලංකා උලමා පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුකදී මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා ඇත.

තවත් වසර කිහිපයක් ඇතුළත, ISIS ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවට පහරදෙනු ඇති බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ඥාණසාර හිමි ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය තුලින් එම සංවිධානයත්, ISIS ත්‍රස්තවාදී සංවිධානයත් අතර සම්බන්ධතාවයක් පවතිනවාද යන්න පිළිබඳව රජය පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද අබ්දුල් මජීත් පවසා ඇත.

“වසර ගණනාවකට ඉහතදී ශ්‍රී ලංකාවේ තලෙයිබාන් සහ අල්කයිඩා ත්‍රස්තවාදීන් සිටින බවට සිංහල ජාතිවාදීන් කිහිපදෙනෙකු ප්‍රකාශ කරන ලදි. දැන් එය අමතක වී මේ වනවිට ISIS ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ සිටින බවට කතා මවමින් සිටියි. මීටපෙර, ශ්‍රී ලංකාවේ සිටින බව‍ට පැවසූ අල්කයිඩා සහ තලෙයිබාන් ත්‍රස්තවාදීන් කිසිවෙකුත් මේ දක්වා හමුදාව විසින් අත් අඩංගුවට ගෙන නොමැත. ඒ තුලින් එම ප්‍රකාශයන් අසත්‍ය වී ඇති බවට තහවුරු වී ඇත. මේ වනවිට බොදුබල සේනා සංවිධානය ISIS ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ සිටින බවට අසත්‍ය කතා පතුරවමින් සිටියි. ISIS ත්‍රස්තවාදීන්ද ලංකාව තුළ මෙතෙක් හමුවී නැත.

ඇතැම් විට තවත් වසරක කාලයකදී කව්රුන් හෝ මුදලට ගෙන, ඔවුන් තුලින් ප්‍රහාරයක් එල්ලකර, එහි වගකීම ISIS ත්‍රස්තවාදී සංවිධානය වෙත පටවා, තමන් කල ප්‍රකාශය ඒ ආකාරයෙන්ම සිදුවූ බව පැවසීමට බොදුබල සේනා සංවිධානය සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවාද යන්න සම්බන්ධයෙනුත් රජය කඩිනමින් සොයාබැලිය යුතුය.

බොදුබල සේනා සංවිධානය වැනි බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයන් වල ජාතිවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් කලකිරීමට පත්වී ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු හෝ ISIS ත්‍රස්තවාදී සංවිධානයට බැදුනහොත්, එහි සම්පූර්ණ වගකීම බොදුබල සේනා සංවිධානය භාරගත යුතු අතර, එයට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව කිසිඳු අයුරකින් වග නොකියන බව ප්‍රකාශ කර සිටින්නෙමු”

යැයිද උලමා පක්ෂ නායක අබ්දුල් මුබාරක් මජීඩ් ප්‍රකාශ කර ඇත.

උලමා පක්ෂ නායක වරයා එසේ කීවද සිරියා සටන් බිමේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික මුස්ලිම් ත්‍රස්තවාදියා වන ‍ගලේවෙල මොහොමඩ් මුහඩීන් සමසග තවත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයක් 16 දෙනෙකු සිරියාවට ගොස් ඇති බව ISIS නිල සගරාව වන “දබීක්” සගරාව ප්‍රකාශ කර ඇත.  එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු ISIS ත්‍රස්ත සංවිධානයට එක්වීම සදහා සිරියාව බලා ගොස් ඇති බවට පසුගිය දිනවල බුද්ධි අංශද අනාවරණය කර තිබිණි.

( මුලාශ්‍රය තමිල් වින් )

Related posts

අකිලට වැඩ බලන්න දී අගමැති රට යයි.. සජිත්, රවී ඉවතට විසි වෙයි !!

colombotoday

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

කින්නියා ‘අල් ඉර්ෂාන්‘ විද්‍යාලයේ ළිඳක තිබී බුදු පිළිම සොයා ගනී

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday

ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

colombotoday

අලුත උපන් බිළිඳාගේ නරක් වූ මළ සිරුර මහපාරේ දමා ගිහින්

Admin