Colombo Today Local News

සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද, එම චෝදනාව නැති කර ගැනීමේ වගකීම සියලු දෙනාටම ඇතැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇතැම් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති එම චෝදනාවට පිළීතුරු දීමට නම් සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම ක්‍රමානුකූලව අවම කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

අමරවීර මහතා මේ අදහස් පළ කළේ උස්වැටකෙයියාව වෙරෙළේ දී මාධ්‍ය අමතමිනි. වෙරළට ඇතැම් පුද්ගලයින් විසින් බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත අපද්‍රව්‍ය යොදා ගනිමින් කලා ශිල්පි ලලිත් සේනානායක මහතා විසින් උස්වැටකෙයියාව වෙරළේ නිර්මාණය කර තිබෙන ඇත් රූපය නැරඹීමට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

සාගර දූෂණයට බරපතල ලෙස බලපාන ප්ලාස්ටික් හා පොලිතීන් නිසා වාර්ෂිකව අප රටේ මත්ස්‍ය අස්වැන්න පවා ක්‍රම ක්‍රමයෙන් අවම වෙමින් පවතින බව අධ්‍යයනයන් මගින් තහවුරු ව ඇතැයි අමාත්‍යවරයා එහි දී කියා සිටියේය. ඊට හේතුව මයික්‍රොප්ලාස්ටික් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දික්ඕවිට ධීවර වරායට දිනකට ප්ලාස්ටික් බෝතල් 24,000ක් පමණ සාගරයේ සිට එකතු වන බවත් තමන් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ නිලධාරින් සමග සාකච්ඡා කර ශ්‍රමදානයක් පවා පැවැත්වූ බවත් හෙළි කළ අමාත්‍යවරයා ධීවර කටයුතු සඳහා නික්ම යන ධීවරයින්ට කුඩා ප්ලාස්ටික් බෝතල්වලින් ජලය ගෙන යාම පවා තහනම් කළ බව ද කියා සිටියේය. එමෙන්ම ධීවර වරායෙන් සාගරයට යන විට ඒ ඒ බෝට්ටු ගෙන යන ප්ලාස්ටික් භාජන හා පොලිතීන් පිළිබඳව තමන් වාර්තාවක් තබා ගත් බවත් ඔවුන් ආපසු එනවිටත් ඒවා ආපසු ගෙන ආ යුතු බවත් සාගරයට ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය බැහැර කිරීම මුළුමනින්ම තහනම් කළ බවත් සිහිපත් කළේය.

කුඩා දරු පරපුර පරිසරයට ආදරය කරන පිරිසක් බවට පත් කිරීම නම් වැඩිහිටියන් ඔවුන්ට ආදර්ශමත් ලෙස ජීවත් විය යුතු යැයි ද නමුත් රටේ වැඩිහිටි පරම්පරාව අද අපේ පරිසරයට කරන විනාශය දුටු විට සැබවින්ම ලැජ්ජා විය යුතුය බවත් පැවසූ අමාත්‍යවරයා, සේනානායක මහතා ප්ලාස්ටික් හා පොලිතීන්වලින් පරිසරයට සිදුවන හානිය ගැන මෙම නිර්මාණයෙන් පෙන්වා දී ඇතැයි ද පැවැසීය.

1980 දී අපේ වාර්ෂික මත්ස්‍ය අස්වැන්න ටොන් ලක්ෂ 03ක් වූ නමුත් 2018 වනවිට එය ටොන් 53,000 දක්වා අඩුවී ඇතැයි ද ඊට ප්‍රධාන හේතුව සාගර ජලයට එකතු වන මයික්‍රොන ප්ලාස්ටික් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාම බවත් ඔහු පෙන්වා දුන්නේය.

Related posts

සර්ලා අපට දෙයක් කලොත් අපිත් ඉතින් බොක්කෙන්ම දෙනවා – රන්පදක්කම දිනා ගත් දිනේෂ් ඇමති නාමල්ට කියයි

colombotoday

රෝහණ විජේවීර ඝාතනය කර අදට අවු 30යි…   ඇසින් දුටු සාක්ෂියක් ජවිපෙ අනුරලාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි (Video)

colombotoday

TNA සජිත්ට සහය ‌දෙන්න ‌හේතුව ‌මෙන්න…

colombotoday

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday

ති‍්‍ර/මලයේ සිට කොළඹ දක්වා ඇමරිකාවට දෙන්නේ නෑ – අට පාස් නැති තක්කඩි දේශපාලකයෝ කිව්වට කුලප්පු වෙන්න එපා – චම්පික

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday