Colombo Today Local NewsHot News

යහපාලන ඖෂධ පනත කුණුබක්කියේ.. රාජිත කුඩුපට්ටම් කළ ඖෂධ නියාමන අධිකාරියේ පාලනය ඖෂධ මාෆියාව අතට

rajitha 458552

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය ධූරයට පත්වූ පසු දියත් කළ ප්‍රධානතම මෙහෙයුමේ ජයග්‍රාහී කඩඉම පසු කරන්නට සමත්ව තිබේ. ඒ ජාතික ‍ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ව සිය තනතුරු හැර ගෙදර යන තැනට වැඩ සලස්වමිනි.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් සැලසුම් සහගතව එල්ල කරන ලද පීඩනය හමුවේ, ‍‍ඖෂධ අධිකාරියට මෙතෙක් පත්වූ විෂය ප්‍රමාණික දැනුමෙන් ඉහළම සුදුසුකම් ඇති, මුදලට සිය ආත්ම පාවා නොදුන් විශිෂ්ඨතම නිලධාරීන් දෙදෙනා ලෙස එහි කාර්යමණ්ඩලයෙන් පවා පැසසුම් ලැබූ මෙම නිලධාරීන් දෙදෙනාට මෙලෙස සේවය හැර යන්නට සිදුවූයේ ඇමතිවරයාව අවශ්‍ය ලෙස බහුජාතික සමාගම්වලට ‍ඖෂධ වර්ග ලියාපදිංචියට අවසර නොදීම හේතුවෙනි.

අමාත්‍යවරයාගේ ක්‍රියාපටිපාටිය විසින්ම ඖෂධ නියාමන පනත බල රහිත කර තිබෙන පසුබිමක මෙරටට ඖෂධ ගෙන්වීම, නියාමනය, ලියාපදිංචිය, අතුළු ඊට අදාල ක්‍රියාවලියේ නිසි බලධරයා ලෙස වගකීම හිමි වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාටය. මහාචාර්ය ලාල් ජයකොඩි මහතා සභාපතිධුරය හැරයාමට වැඩ සිද්ධකිරීමෙන් පසු එම තනතුරට පත්කිරීමට නියමිතව සිටින්නේ රාජිත ඇමතිවරයාගේ සුවච කීකරු අතවැසියෙකු වන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහය.

මහාචාර්ය ලාල් ජයකොඩි කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ, ලෝක අවධානයට ලක්‌වන පර්යේෂණ පත්‍රිකා ගණනාවක්‌ ප්‍රකාශයට පත්කළ විශිෂ්ට විද්වතෙකි.මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය යනු ලෝක සම්භාවනාවට පත් විද්වතෙකි. ලෝකය ඔහුව හදුනා ගත්තේ ඖෂධවේදය පිළිබද මෙතෙක්‌ ලොව පහළ වූ විශිෂ්ටයෙක්‌ සේ සැලකෙන සේනක බිබිලේගේ පුනරාගමනය ලෙසය. ස්‌වකීය වගකීම වෙනුවෙන් කැපවුණු, ඖෂධ කොම්පැණී කාරයින්ගේ සල්ලිවලට ස්‌වකීය අධ්‍යාත්මය අලෙවි නොකළ මේ විරල පෞරුෂයක්‌ සහිත නිහඩ මිනිස්‌සු අනතුරුව මේ දේශපාලන කුණපයන් හා ගැටීම පසෙක තබා ස්‌වකීය තනතුරු හැර ගියහ.

කෙසේ වෙතත් පරිපාලනමය වශයෙන් අදාල නිලධාරීන් දෙදෙනාට සාර්ථකත්වයට පත්වීමට නොහැකි වූ බවට ඇමතිවරයා විසින් චෝදනා කරන අතර එයට හේතුවී තිබෙන්නේද ඇමතිවරයාගේම කණවැන්දුම් ක්‍රියාකලාපයයි. ඔහු විසින් ‍ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය ප්‍රතිපාදන නිසි ලෙස ලබා දී නැත. පරිගණක පහසුකම් ඇතුළු කාර්යාලීය භෞතික අවශ්‍යතාවන්ද පරිපාලනමය අවශ්‍යතාවන්ද සැපිරීමට කටයුතු කර නැති අතර අධිකාරියේ ගනකාධිකරණ අංශයද අකර්මන්‍ය කරදමා ඇත. මෙලෙස අමාත්‍යවරයා විසින්ම සැළසුම් සහගත ලෙස අධිකාරිය බෙලහීන කර, පරිපාලනමය වශයෙන් දුර්වල යැයි සදහන් කරමින් අදාළ නිලධාරීන් දෙදෙනා මෙලෙස ඉවත් කරන්නේ තමන්ගේ හිතවත් බහුජාතික සමාගම්වල ඖෂධ මාෆියාව නිරුපද්‍රිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම සදහාය.

යහපාලනය ගැන මවා පෙන්වූ කප්පරක් සිහින අතරේ ඉදිරියෙන්ම වූයේ මෙරටට ගැළපෙන ඖෂධ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ පොරොන්දුවයි. ජනපති අපේක්ෂකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරටට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍ය බව හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් සිය අත්දැකීම්ද පාදක කරගනිමින් ඉස්මතු කර පෙන්වූයේ බහුජාතික ඖෂධ සමාගම් වලින් හසුරවනු ලබන වෛද්‍ය ක්‌ෂේත්‍රය හා බැදුණු දුර්දාන්ත මාෆීියාවේ පහසු ගොදුරු බවට පත්වෙමින් ඇති මේ රටේ දුගී මිනිසුන් ඉන් ගලවාගන්නටය යැයි කියමිනි. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසිමේ මූලික පියවර ලෙස ඖෂධ නියාමන පනත ඔවුන් බලයට පත්වූ පසුව මහත් උත්කර්ෂයට නංවමින් සම්මත කරගැනිණි. එහෙත් එය සම්මත කරගත් දා පටන්ම දකින්නට තිබෙන්නේ ඔවුන් විසින්ම එහි හරය අමු අමුවේ කා දමන ආකාරයය. පනත යළි යළිත්, යළි යළිත් උල්ලංඝණය කරමින් සෞඛ්‍ය ඇමතිවරයා ඇදිවත මාරු කරන්නා සේ අධිකාරියේ සාමාජිකයන් ලෙස තමන්ට කැමති උන් පත් කරති. කැමති උන් ඉවත් කරති.

මේ රටේ මිනිසුන් මේ ආණ්ඩුව ගැන තැබූ ප්‍රධානතම බලාපොරොත්තුවක් ඒ ආණ්ඩුවේම සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉතා නීච හා නිර්ලැජ්ජිත ලෙස බිද දමා අවසානය. යහපාලන සුබ සිහිනය දුටු ලක්ෂ හැටක් ඡන්ද දායකයන්ගේ කටේ පැහැරූ විලිසංගයක් නැති ඇමතිවරයා හෙටද රට ඉදිරියේ සිය අශීලාචාර කටපත්ත අදිමින් තම නිරුවත වසාගනු ඇත.ඉකුත් සමයේ ඇමතිවරයා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබද්දී ඔහුගේ සහ පවුලේ අයගේ සියළු වියදම් දැරුවේ මෙරටට ඖෂධ ගෙන්වන ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් කිහිපයක් විසින් බවට රාවයක් පැතිරිනි. එසේනම් මේ සිදුවෙමින් පවතින්නේ කළ උපකාරයට සන්තෝෂම් පිණිස මෙරට අහිංසක රෝගීන්ගේ ඉහමොළ හූරාගෙන කෑමේ ඉඩකඩ බහුජාතික බූවල්ලට සලසා දීමේ ජුගුබ්සාජනක ක්‍රියාවලියද?

Related posts

පහර දීමකින් රෝහල් ගත කළ තරුණයා රෝහලට ඇවිත් මරා දමයි

Admin

නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි

Admin

අනුර සේනානායකට ඇප !

colombotoday

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin

රටේ අවධානය පොර්ට් සිටියට යද්දී කෝමාරිකා වගාවට විල්පත්තුවේ අමුණක් සැදීමේ පිඹුරුපත් සැකසේ.

colombotoday

හාමුදුරුවරු දෙනමක් හා ජනාධිපතිලා දෙන්නෙක්. | ගෝඨාභය බුද්‌ධ ශාසනයට කරණ අසාධාරණය

colombotoday