Colombo Today Local News

මිහින් ලංකා ගමන නිමයි.. ගුවන් මෙහෙයුම් පුද්ගලීකරණයට නියමිත ශ්‍රී ලංකන් යටතට !

mihin-lanka

ඔක්තෝබර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිහින් ලංකා සමාගමේ සියළුම ගුවන් ගමන් නවතිනු ඇති බව එම සමාගම පවසයි.

ඉන්පසුව එම සියලු ගුවන් ගමන් වල මෙහෙයුම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිදුකිරීමට නියමිත බව ද මිහින් ලංකා වැඩිදුරටත් පවසයි. මේ අනුව, මිහින් ලංකා ගුවන් සමාගම ලබන 30 වන දා සිට ශ්‍රී ලංකා ගුවන් සමාගම යටතට පවරා ගන්නා බව ශ්‍රී ලංකන් හි මාධ්‍ය ප්‍රකාශක – දීපාල් පෙරේරා මහතා පවසා තිබේ.

වසර 2007දී ස්ථාපිත කරන ලද මිහින් ලංකා ගුවන් සේවය මේ වසරේදී මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් සමාගම හා ඒකාබද්ධ කිරීමට රජය තීරණය කර තිබුණි. ශ්‍රී ලංකන් ගුවන් සේවයද පෞද්ලික අංශය සමග ඒකාබද්ධ කර පවත්වාගන යෑම සදහා රජය තීරණය කර ඇති අතර ඒ සදහා විදේශීය සමාගම් කිහිපයක් මේ වන විට ඉදිරිපත්ව සිටී.

Related posts

‘කිඹුලා ඇලේ ගුණා’ ගේ සමීපතමයෙක් අයිස් ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට

colombotoday

තීන්දුව සූදානම්… ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කරයි…

colombotoday

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජනය කලොත් වැඩ වරදී

colombotoday

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday

අගමැතිගේ සිංගප්පූරු සගයාට නැවත මහබැංකු අධිපතිකම නොලැබෙයි.. ජනපති තීරණය කරයි !

colombotoday

බැදුම්කර කොමිසමෙන් තවත් රහසක් එළියට.. රෝසිගේ පුතාගේ නමත් ගෑවෙයි !

colombotoday