Colombo Today Local News

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

2020 – 2021 ශ්‍රී පාද වන්දනා වාරය එළෙඹ උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර ශ්‍රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කරඇති බව වාර්තා වේ.

ඒ අනුව දෙසැම්බර් 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වන දා උදෑසන ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩම කරවිමට නියමිතය.

ඒ සඳහා එක් මාර්ගයකින් පුද්ගලයින් 50 දෙනෙකු බැගින් උපරිම පුද්ගලයින් 200 දෙනෙකු සහභාගී කරවීමට තීරණය කර තිබේ.

ශ්‍රී පාද වන්නා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී මෙම තීන්දු තීරණ ගෙන ඇති බව සඳහන් වේ.

ඒ සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද එක්ව සිටි අතර එහිදී ඔහු කියාසිටියේ මෙවර වන්දනා සමය අවම ජනතා සහභාගීත්වයකින් සිදුකරන බවය.

එමෙන්ම ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමා අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබාගැනිම අනිවාර්ය බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

Related posts

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

colombotoday

‘ප්‍රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයි

colombotoday

නිරෝධායනය වන පුද්ගලයින්ට තැපැල් ඡන්දය සඳහා තවත් දිනයක්

colombotoday

“අසල්වැසියන්ට ප්‍රේම කරමු.. අපට කෙළවුණත් ETCA ගෙනත් ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදමු“ – ඉරාජ්

colombotoday

කොවිඩ් දේහයකට ආරක්ෂාව සපයමින් ගිය රථය ප්‍රපාතයකට පෙරළී පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday