Colombo Today Local News

තුර්කි ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී අනතුරකට

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරට ලක්ව ති‌බේ.

ඒ, තුර්කිය බලා පියාසර කිරීමට නියමිතව තිබියදීයි.

අනතුරුට ලක්ව ඇත්තේ, ඒ.- 330 – 300 එයාර් බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයෙන්, මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන යළි මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබූ බව, ගුවන් තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ.

පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන්, මෙම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙන විත් තිබූ බහාලුමක්, යානයේ එන්ජිමේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන්, අදාළ යානයට මෙරටින් පිටත්ව යාමට බාධා මතුව ඇති බවයි.

Related posts

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

colombotoday

GOOGLE බැලූනය ගම්පොලට කඩාවැටේ! ආරක්ෂිතව ගොඩබැස්සුවාද? උපන්ගෙයිම මියැදුනාද? (PHOTOS)

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

අක්කර 600 ක් විතරක් බෑ. අපිට සේරම ඕනි – විග්නේෂ්වරන්

colombotoday

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

දොඩම්ගස්ලන්ද විහාරස්තනයකටත් වෙඩි තබයි

colombotoday