Colombo Today Local News

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනයට අනුමැතිය

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් 7 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම කාරක සභාව ප්‍රතිස්ථාපනය කර ඇත.

ජීවන වියදම ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් එම කමිටුව තුළින් ගැනීමට නියමිත ය.

ඊට අදාළ යෝජනාව ජනාධිපති ගොත්භය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

එම අනුකාරක සභාවේ සංයුතිය පහත පරිදි වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – සභාපති
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
ධීවර අමාත්‍යවරයා
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා
කෘෂිකර්ම අමාත්‍යවරයා
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා

මේ අතර, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහය වීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව පත්කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Related posts

පොලීසිය ජරාව ඉල්ලුවොත් පොලිස් කොමිසමට කියන්න අංකයක්

colombotoday

යාපනය පේදුරුතුඩුව සජිත්ට – 82% ප්‍රතිශතයකින් දිනයි !

colombotoday

ජනපතිට කෝටි 60ක සැප කාර් දෙකක් ගෙන්වයි.. බදු සහන දෙන්නැයි රේගුවට දන්වයි

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

රන්ජන්ගේ තවත් බලාපොරොත්තුවක් සුන්. මෝසම ලියාපදිංචි නොකරම ප්‍රතික්ෂේපයි.

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday