Colombo Today Local News

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ඔහු ඉකුත් 18 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.

පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිනෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ දැරූ ආරක්ෂක හමුදා කණ්ඩායම් අතර සිටි යුධ හමුදා සෙබලූන් දෙදෙනකුට පහරදී ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවි සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් ද අරගලකරුවන් පැහැරගෙන ගොස් තිබිණි.

මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද ඉකුත්(17දින) ලබාගත් බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

හරක් කටාට උදව් කළ තවත් කොස්තාපල්වරයෙක් අල්ලයි – ජරාව කෑ තවත් නිලධාරීන් ගැන පරීක්ෂණ

Admin

ගාල්ල බන්ධනාගාරයේ නියාමකට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

වැල්ලවායේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි

Admin

“පරිසර සහතික හොරට ගත් තට්ටුගෙවල් රට පුරා, තට්ටුගෙවල් මිලදී ගැනීමේදී සැළකිලිමත් වන්න”

colombotoday