Colombo Today Local News

කච්චතිව් මංගල්‍යයට එන්න ඉන්දියාව අවසර ඉල්ලයි

මෙවර කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගිවීමට ඉන්දියානු කිතුනු බැතිමතුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින්ගේ විශේෂ නියෝජිතයෙකු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.

රජය සමඟ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කර පසුව දැනුම්දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා එහිදී එම නියෝජිතයාට පවසා තිබේ.

ඒ සඳහා තමන්ද සහභාගි වන බැවින් එහිදී ඉන්දු – ශ්‍රී ලංකා ධීවරයින් අතර මතුව ඇති ගැටළු පිළිබඳව සුහද සාකච්ඡාවක් මගින් විසඳා ගැනීමට අවශ්‍ය වාතාවරණයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මංගල්‍යය ලබන මස 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර මංගල්‍යයට ඉන්දියානු බැතිමතුන්ට සහභාගි වීමට ඉඩ ලබා නොදීමටයි සංවිධාන කමිටුව තීරණය කර ඇත.

Related posts

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

colombotoday

ගව ඝාතනය නැවැත්වීමේ ජනපති තීරණයට රවී එරෙහි වේ.. රවී පිටුපස උලමා සංවිධානය!

colombotoday

තොණ්ඩාගේ සහය ගෝඨාට !

colombotoday

ප්‍රභල පක්ෂ කිහිපයක සාමාජිකයින් 250 ක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

colombotoday