Colombo Today Local News

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සජිත් ජනපති තරගයෙන් ඉවත්වෙයි

ජනාධිපතිවරණයට තරග කිරීමෙන් තමා ඉවත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ, නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ට සමගි ජන බලවේගයේ සහාය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර තීරණාත්මක පියවරක් ගැනීම සඳහා තමන් පාර්ලිමේන්තුව බලා යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේය.

විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ ට්විටර් සටහන පහතින්

“තීරණාත්මක පියවරක් ගැනීමට මම පාර්ලිමේන්තුවට බලා ගමන් කරමින් සිටිනවා. මගේ මාතෘභූමියේ ජාතික අවශ්‍යතා සහ මගේ සහෝදර ශ්‍රී ලාංකීය ජනතාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේ දී මම නිවැරදි තීරණයක් ගන්නා බව ජනතාවට දැනුම් දීමට අවශ්‍යයි.”

Related posts

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Admin

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

වෙරළ ආසන්නයට ආ ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු යළි මුහුදට මුදාහරී

Admin

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday