Colombo Today Local News

ජනපති ධූරයට ඩලස්ව සජිත්, රනිල්ව දිනේෂ්, ජවිපෙන් අනුර යෝජනා කරයි.

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථිර කරන බව මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.

ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ස්ථිර කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායක මහතාගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා පැවසීය.හරිනි අමරසූරිය මහත්මිය එම යෝජනාව ස්ථිර කළේය.

ඒ අනුව සමගි ජන බලවේග පක්ෂයේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට එම පක්ෂය තීරණය කර ඇත.

Related posts

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

ඇමති ජගත්ගේ පුටුවේ නම කපලා වෙන කාටද දීලා… ඇමති වේදිකාවේ ආවේගශීලී වෙයි

colombotoday

NGO නඩය කුපිත වෙයි.. එක රොත්තට කඩා පනී.. මහා නාහිමිවරුන්ට අභියෝග කරයි (Video)

colombotoday

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ධුරයට

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday