Colombo Today Local News

මාස තුනට ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට මාට්ටු

ගෙවුණු මාස තුනක කාලය තුළ නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යාමට තැත්කළ පුද්ගලයන් 506 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගැඹුරු මුහුදේදී පුද්ගලයන් 433 දෙනකුත්, වෙරළට සමීප මුහුදු තීරයේදී අවස්ථා පහකදී 73 දෙනකුත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව වෙත ගමන් කිරීමට යොදාගෙන තිබූ බහුදින යාත්‍රා අටක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාවේ නිරීක්ෂණයට හසු නොවී 91 දෙනකු බෝට්ටු මගින් ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට පිවිස ඇති අතර, ඔවුන් එරට වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙරටට එවීමට කටයුතු කර තිබේ.

Related posts

වත්තල කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කෙරේ

colombotoday

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

colombotoday

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday

“සාරියට මුවා වෙලා ජනතා හඩ යටපත් කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ“ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday