Colombo Today Local News

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ගැන නිල ප්‍රකාශය අද

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් වූ නිල ප්‍රකාශය අද සිදුකරන බව කථානායක කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සදහන් කළේ, ශ්‍රි ලංකාවේ සිංගප්පූරු තනාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබුණු බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මාලදිවයිනේ සිට සිංගප්පුරුව බලා පිටත්වීමෙන් අනතුරුව අදාළ ලිපිය යොමුකර තිබුණි.

කථානායක කාර්යාලය සදහන් කළේ එහි නිත්‍යානුකූලභාවය පිළිබඳව පරික්ෂා කිරීමෙන් අනතුරුව ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම්දෙන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 එක වගන්තියට අනුව කථානායකවරයා වෙත තම අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට හැකියාව පවතී.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ දේශපාලන රැකවරණ ඉල්ලා නොමැති බවට සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර සිටියේ සිංගප්පූරුව කිසිදු පාර්ශවයක් සඳහා දේශපාලන රැකවරණ ලබා නොදෙන අතර ජනාධිපතිවරයා පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බවටය.

Related posts

පරිසර ඇමති චන්ද්‍රසේනට බදියුදීන් වැහෙයි… කෝමාරිකා හිටවන්න විල්පත්තු රක්ෂිත මායිම වනසයි !

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

Admin

යේසුස් තුමාණන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම දූතයින්ගෙන් කෙනෙකු බව සඳහන් කරමින් උලමා සභාවෙන් නිවේදනයක්

colombotoday

පරිසර විනාශය ගැන සමාජ මාධ්‍ය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඉහළ ගිහින්. විනාශය ගැන බොරු කිව්වොත් අත්අඩංගුවට ගන්නවා – පරිසර ඇමැති කියයි.

colombotoday

අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් කත මියයයි

colombotoday