Colombo Today Local News

පුද්ගලික රෝහල් හෘද සැත්කමට 15%ක වැට් බද්දක්.. සැත්කම් ගාස්තු රු ලක්ෂයකින් ඉහළට !

ht attack

පෞද්ගලික රෝහලකින් හෘද සැත්කමක් සිදුකර ගැනීමේදී වැට් බදු වශයෙන් රුපියල් ලක්ෂයකට අධික බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

පෞද්ගලික රෝහල්වල සිදුකරන වෛද්‍ය පර්යේෂණ කටයුතුවලට යොදා තිබෙනා වැට් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන නිසා සැත්කම් සඳහා අයකරන වැට් බදු මුදලත් වහාම ඉවත් කරන ලෙසද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ලබාදෙන නමුත් රජය යොදා තිබෙන 15% වැට් බදු මුදල් නිසා රුපියල් ලක්ෂයකට අධික මුදලක් සූක්ෂම ලෙස නැවත ලබාගන්නා බවද පවසා සිටියේය.

Related posts

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

හෙට (09) සිට දුම්රිය වර්ජනයක්…

colombotoday

ජනපති සිංගප්පූරුවෙන් තායිලන්තයට…

colombotoday

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday

අයි.එම්.එෆ් නියෝජිතයෝ විපක්ෂ නායක හමු වෙති

colombotoday