Colombo Today Local News

” තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ.වතුකර ජනතාවගේ රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා “

කාබනික පොහොර ප්‍රශ්නය නිසා වතුකරයේ නොසන්සුන් තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7)දින පැවැසීය.

තේවලට කාබනික පොහොර නොගැළපෙන බවත් තේ වගාවට කාබනික පොහොර යෙදීම නිසා අස්වැන්න අඩුවීමෙන් වතුකර ජනතාවගේ රැකියා ඉදිරියේදී අහිමිවීමේ අවදානමක් ඇති බවත් හෙතෙම සඳහන් කළේ‍ය.

සෙනවිරත්න මහතා මෙසේ පැවසූවේ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

මේ ප්‍රශ්නයට පිළියමක් වහාම ලබා නොදුනහොත් විදේශ විනිමය අහිමිවීමේ අවදානමක්ද ඇතිවන බව පැවසූ හෙතෙම පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා දෙන්නැයි තමා අදාළ ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.

සාකච්ඡාවලදී තමා මෙම අවදානම පෙන්වා දුන්නත් තවමත් විසඳුමක් ලැබී නැතැයිද ඔහු පැවසුවේය.

තේවලට කාබනික පොහොර නොගැළපෙන බවත් මේ සම්බන්ධයෙන් රජය වහාම අවධානය යොමු කළ යුතු බවත් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

වෙනත් බෝග වගා වලට කාබනික පොහොර ගැළපුණත් තේ වලට කාබනික පොහොර සුදුසු නැති බවද ඔහු කීවේය.

මේ අතර විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය තමා අනුමත නොකරන බව ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

මීගමුවේ හෝටලයක “බුද්ධ බාර්” සාදයක්… අනුග්‍රහය ඇමතිවරයෙකුගෙන් !

colombotoday

උලමා සභාවේ ලොක්කා රිස්වි මුෆ්තිට මුස්ලිම් ජනතා විරෝධය

colombotoday

භූමදානයට සුදුසු ස්ථානයක් සොයා බලධාරීන් සමඟ උලමා සභාව මන්නාරමේ ගිහින්.

colombotoday

ජාතික රෝහලේ ලක්ෂ 79ක මුදල් මංකොල්ලකා ඇත්තේ වෛද්‍යවරයෙක්

colombotoday

අධිකරණයෙන් ආයුධ හමුවීමට සැකපිට 20ක් අත්අඩංගුවට !

colombotoday

අංගොඩ ලොක්කගේ ගෝලයක් වෙඩි කයි

colombotoday