Colombo Today Local News

අවුරුද්දක් වැටුප් නොගෙන වැඩ කරන්න ඇමතිවරු තීරණය කරති

අවුරුද්දක කාලයක් වැටුප් නොලබා සේවය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ සියලු ම අමාත්‍යවරුන් සිය එකඟත්වය පළ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (7)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී සියලු ම අමාත්‍යවරුන්ගේ එකඟතාව හිමි වී ඇති බව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

“අගමැතිතුමා ඉදිරිපත් කළා කැබිනට් පත්‍රිකාවක් මේ වර්ෂය තුළදී කිසිදු අමාත්‍යවරයෙක් වැටුප් නොලබා අවුරුද්දක කාලයක් සේවය කිරීම සඳහා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ඒ නිසා මේ වර්ෂයක කාලය තුළ රට වෙනුවෙන් බොහෝ ජනතාව කරන පරිත්‍යාග වගේ ම කිසිදු වැටුපක් ලබන්නැතුව අවුරුද්දක කාලය තුළ ක්‍රියා කරන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සියලු ම ඇමතිවරු කැමති වුණා.”

Related posts

වෙබ් එක “හැක්“ කල සිසුවාට ජනපති තෑග්ගක් දෙයි !

colombotoday

ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා පොලිස් මෙහෙයුම්

colombotoday

ෆොන්සේකා දේශපාලන දඩයමක!

colombotoday

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

colombotoday

රත්නපුරේ බේකරියක පිපිරීමක්

colombotoday