Colombo Today Local News

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

මහ කන්නය සඳහා අවශ්‍ය කරන යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ඉන්දීය අපනයන – ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් 55ක ණයක් ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා මේ වන විට ඉන්දීය රජය එකඟතාවය පළ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු ඉදිරියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කිරීමට නියමිත වී ඇති අතර 2022-23 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර සම්පාදනය කිරීම සඳහා යෝජනාවක් සම්මත වී තිබේ.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ වගා කිරීමට නියමිත හෙක්ටයාර 800,000ක් සඳහා වී වගා කිරීමට අවශ්‍ය යූරියා පොහොර ඇතුළු සෙසු පොහොර වර්ග සම්පාදනය කරගැනීම යි.

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 150,000ක් මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 45,000ක් සහ ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36,000ක් අවශ්‍ය වනු ඇත.

අදාළ පොහොර සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් ආනයනය කර ගොවීන් වෙත බෙදාහැරීම සිදුකිරීමට නියමිතයි.

Related posts

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

colombotoday

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday

ජනාධිපතිගේ සහ අගමැතිගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩ

colombotoday

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

උතුරු ආණ්ඩුකාරවරයා බුද්ධාගම්කරණයක් ගැන මා සමග ප්‍රකාශ කළේ නෑ – සිලෝන් ටුඩේ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට

colombotoday