Colombo Today Local News

අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම විශාල ජයක්.. නෝවේ අගමැතිණිය TNA ට කියයි

norway ffm

අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වූ කාර්යාලය ස්ථාපිත කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම විශාල ජයග්‍රහණයක් බව දිවයිනට පැමිණ සිටින නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සොල්බර්ග් මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදීය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වෙයි.

මීට අමතරව දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කර ඇති අතර උතුරේ ඉඩම් යළි එම ජනතාව සඳහා ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ගෝඨාභයට එරෙහිව ශ්‍රීලංකා රජය ඇමරිකාවේ චෝදනා ගොණුකරයි…!

colombotoday

විනය පරීක්ෂණයට සුජීවගෙන් හා අජිත්ගෙන් පිළිතුරු

colombotoday

ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්ත

colombotoday

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

colombotoday

මෙරට ජනගහනයෙන් 25%කට විටමින් D ඌනතාවය

Admin