Covid 19

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

අද (01)දින උදෑසන වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 23,987ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (30) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 503 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය.

ඉන් 496ක් දේශීයව, විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 6 දෙනෙක් හා විදෙස්ගත මුහුදු ආරක්ෂක නිලධාරියෙකු වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ඊයේ දිනයේ දීත් වැඩිම දෛනික ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයින් 147ක් ලෙසය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130 ක් හා මහනුවරින් ආසාදිතයින් 41ක් හඳුනාගෙන තිබේ.

මේ වන විට රෝහල්ගත ආසාදිතයින් ගණන 6,309 කි.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 58ක පුද්ගලයින් 6,204ක් නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 12,031ක් සිදුකර ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

තවත් ආසාදිතයින් 1,560ක්

colombotoday

රාගම පොලිස් ස්ථානාධිපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday