World

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

ෆයිසර් – බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත අද (08)දින එක්සත් රාජධානියේ ලබාදීම ඇරඹිණි.

එම එන්නත ප්‍රථමයෙන් ලබාදෙනු ලැබුවේ 90 හැවිරිදි මාග්‍රට් කීනන් නම් කාන්තාවකට ය. ලබන සතියේ 91 වැනි වියට එළඹෙන ඇය පැවසුවේ, එන්නත තමාට ලැබුණු උපන්දින ත්‍යාගයක් ලෙස සලකන බවය.

එළඹෙන සති කිහිපය තුළදී එක්සත් රාජධානියේ තෝරාගත් පිරිසකට එන්නත් මාත්‍රා 800,000ක් පමණ ලබාදීමට නියමිතය.

එසේම මේ මස නිමවීමට පෙර එරට ජනගහණයෙන් මිලියන 4කට එන්නත් මාත්‍රා ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර තිබේ.

“මේ පාර්සන්ස්” පළමු ව එම එන්නත ලබාදුන් සෞඛ්‍ය සේවිකාව ලෙස ඉතිහාසගත වෙයි.

Related posts

කොවිඩ් ප්‍රභේදවලට ග්‍රීක අකුරුවලින් අලුත් නම්

colombotoday

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

colombotoday

‘චන්ද්‍රයාන් 3’ සමඟ සඳට ගිය ‘වික්‍රම්’ සඳ ගවේෂණය අරඹයි – වීඩියෝ දසුන් එළියට

Admin

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එක්සත් ජනපදයේ සහය යුරෝපයට. | ඇමරිකානු ජනාධිපති කියයි

colombotoday