World

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක් ඇනහිටියි – සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර ඇන හිටීමෙන් ලොවපුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වූ බව වාර්තා වෙයි.

මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook යන සේවාවන් එහිදී බිඳවැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව එම සමාගම පවසයි.

ඒ හේතුවෙන් අපහසුතාවයට පත්වූ සේවාදායකයින් ගණන සම්බන්ධයෙන් එම සමාගම හෙළිකර නොමැත. “website Downdetector” මෙවලම මගින් හෙළිවී ඇත්තේ ඉන්දියාවේ සිදුවීම් 3,900ක් සහ ජපානයේ 900ක් වාර්තා වී ඇති බවය.

බිඳ වැටීම් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යෙන් වාර්තා විය.

Related posts

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්

colombotoday

බලයෙන් නෙරපා දැමු අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක්

colombotoday

ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනය

Admin

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday