World

කොවිඩ් මිනිස්සුන්ට ආසාදනය වුනේ කොහොමද ?

කොවිඩ් -19 වෛරසය මනුෂ්‍යයින් ට ආසාදනයවීම සිදුව ඇත්තේ සතුන් හරහා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සකස්කළ වර්තාවක කෙටුම්පතක දැක්වේ.

මනුෂ්‍යයින් අතර එය මාසයකට වඩා වැඩි කාලයක් පැතිරෙමින් පවතින්නට ඇති බවට ද එම වාර්තාවේ සඳහන් වේ.

ඉන් අනතුරුව ආසාදිතයින් 2019 දෙසැම්බර් මාසයේ හඳුනාගත් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා වෛරසයේ මූලාශ්‍රය සම්බන්ධයෙන් සොයාබැලූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ කණ්ඩායම පැවසුවේ “වෛරසය විද්‍යාගාරයක් ඔස්සේ පැතිරුණා” යන මතය පිළිගැනීම අපහසු බවය.

කොරෝනා වෛරසයේ මූලාශ්‍රය සතෙක් වියහැකි බව එම වාර්තා වේ දැක්වේ. එහි දැක්වෙන ආකාරයට කැළයෙන් අල්ලාගෙන සත්ත්ව ගොවිපොළ ක ඇතිකළ සතෙක් හරහා එම වෛරසය මිනිසුන් අතරට ගොස් තිබේ.

නමුත් වවුලෙක් මගින් ආසාදනය වූ අනෙක් සතා ගැන එම වාර්තාවේ සඳහන් වී නොමැත. කොරෝනා වෛරසයේ ආරම්භය වවුල් විශේෂයක් වියහැකි ය යන්න මෙතෙක් පිළිගත් මතය වේ.

එසේම SARS-CoV-2 වෛරසය “කබල්ලෑවා” තුළ ද හමුවී තිබේ. එම සතාගේ මාංශ ශීතකරණයක තිබීම හරහා එම වෛරසය පැතිරී ඇත්දැයි යන්න තවත් මතයකි.

Related posts

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් 22ක් ජීවිතක්ෂයට

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

විශ්වාසභංගයෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මා ට

Admin