Colombo Today Local News

ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් පෙරළෙයි

පුත්තලම ඩිපෝ හංදියේදි ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද(3) උදෑසන පෙරැලී යාමෙන් 5 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්වි ඇත්තේ කරුවලගස්වැව සිට මුන්දලම දක්වා ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයකි.

කරුවලගස්වැව සිට ඇගළුම් සේවිකාවන් රැගෙන ගමන් කරමින් තිබියදි එකවර බස් රථය රියදුරාට පාලනය කර ගැනිමට නොහැකිව පෙරළි ගොස් ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 20 කට ආසන්න ඇගළුම් සේවිකාවන් පිරිසක් ගමන් කර ඇති අතර කිසිවකුටත් බරපතල තුවාල සිදුව නැති බව පොලිසිය සදහන් කරයි.

Related posts

හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව සාර්ථකයි – අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද මෙරටින් පිටවෙයි.

colombotoday

හිටපු කොටින් දෙදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් ලෙස එක්නැලිගොඩ නඩුවට සාක්ෂි දෙයි!

colombotoday

අලුතින් ගෑස් මිලදී ගන්න අයට පණිවිඩයක්

colombotoday