Colombo Today Local News

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

මුතුරාජවෙල පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක මෙගාවොට් 300ක LNG විදුලි බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබේ.

එයට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර එම ඉඩම් කොටස මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද හිමිවී ඇත.

ඒ අනුව රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති එම ඉඩම් කොටසේ වෙළෙඳපොළ වටිනාකම අය කරගෙන එය ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිවී තිබේ.

Related posts

ගල්ඒදඬුගොඩ දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඉරිදා මුළු දිවයිනටම ඇදිරි නීතිය යලිත් ක්‍රියාත්මකයි

colombotoday

පාර්ලිමේන්තු වට රවුම අසල ඇලේ නාඳුනන පුද්ගල මළ සිරුරක්

colombotoday

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

colombotoday

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

colombotoday

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday