Colombo Today Local News

ඉරිදා මුළු දිවයිනටම ඇදිරි නීතිය යලිත් ක්‍රියාත්මකයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු දිස්ත්‍රික්කවල ලබන සෙනසුරාදා (16) දින තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.

මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 18 වන සඳුදා දින අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා දින ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලැබේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළකොන්දේසි නොවෙනස්ව පවතී.

Related posts

ඉන්ධන ගැටලු ගැන ලොකුගේට කියන්න අංකයක්

colombotoday

වසර 300ක් පැරණි පන්නිපිටිය බෝධිය ඉවත් කිරීම හෙට ?

colombotoday

යහපාලන වේදිකාවේ පට්ට ගැසූ මහින්දගේ සීෂෙල්ස් බැංකු ගිණුමේ ඇත්ත හෙළිවෙයි

colombotoday

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

colombotoday

ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා මාස 06 ක් ඇතුළත

Admin

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday