Colombo Today Local News

“ලක්වාසීන්ගේ පීඩාකාරී මනසට සැනසීමක් ගෙන දුන්නාට ස්තුතියි” – හිටපු ජනපතිගෙන් ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම්

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පීඩාවට පත්ව සිටින ලක්වාසීන්ගේ මනසට යම් ප්‍රමාණයක හෝ සැනසීමක් ගෙනදුන් බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පවසයි.

ඔහු සිය සටහනින් කණ්ඩායමේ ක්‍රීඩකයින් සැමට සිය ස්තුතිය ද පුද කර තිබේ.

“ලංකාවාසීන්ගේ මාස ගණනක පීඩාකාරී මනසට යම් හෝ ප්‍රමාණයක සැනසීමක් ගෙනත් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ස්තූතියි ක්‍රීඩකයින් සැමට.මාගේ උණුසුම් සුභ පැතුම්”

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ පැවති 03 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 291 කි.

ලකුණු 292 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 4 ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසු කළ අතර පැතුම් නිශ්ශංක ලකුණු 137 ක් රැස් කරමින් සිය එක්දින මංගල ශතකය වාර්තා කිරීමට සමත්වීම ද විශේෂත්වයකි.

Related posts

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

colombotoday

එන්නත්කරණය අදත් තෝරාගත් රෝහල්වලදී

colombotoday

අද කවුද මහ පාරේ නැත්තේ. මෙහෙම රට වහලා කිසිම පලක් නැහැ.

colombotoday

යතුරු පැදි සොරකම්කර කොටස් විකිණු සිව්දෙනෙකුට වැඩ වරදී

colombotoday

15 හැවිරිදි දැරිය මිලට ගත් කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු තවත් 5ක් රිමාන්ඩ්

colombotoday

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday