Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට විශේෂ සඳහනක් නොකළ බව විදේශ අමාත්‍යංශ ලේකම් කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමට විශේෂ සඳහනක් නොකළ බව විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද (16) පෙරවරුවේ ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ජිනීවා චෝදනා , එක්සත් ජාතීන්ගේ යෝජනා සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව පැවති පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවේදීයි.

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ඉක්මනින් දඬුවම් දෙනු ඇති බවට ඇතැම් ආගමික නායකයින් බලා සිටින බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය දේශනයේ දී සඳහන් කළා ය.

එම දේශනයේම තවත් තැනක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඇතැම් පිරිස් නිදහස් කළ යුතු බව පවසා තිබේ.

මෙය එකම කතාවක දෙබිඩ් ස්ථාවරයන් බව විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ ඇතැම් අය පිළිබඳ නිර්දේශ ඇතත් එය නීතිමය ලියවිල්ලක් නොවන බැවින් පොලිස් විමර්ශන අනූව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කාලයක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Related posts

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

නීති විරෝධී වැඩකට කැබිනට් අනුමැතිය.. පස්, කළුගල්, වැලි රජයේ වනාන්තරවලින් ගන්න අවසර

colombotoday

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්

Admin

යුද්ධය නිමාවෙන් පසු මුල්වරට A9 වැසේ.. මග අහුරා විරෝධතා !

colombotoday

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday