Colombo Today Local News

ඉන්ධන ගන්නත් සල්ලි අච්චුගහන්න වෙනවා..

ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාගැනීමට මුදල් අච්චුගැසීමට සිදුවනු ඇති බවත් ඉදිරි මාස තුනට අවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් සොයාගැනීම විශාල අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන සඳහා මහ බැංකුවේ අධිපතිතුමා ඩොලර් ප්‍රමාණයක් වෙන්කර තිබුණත් ඩොලර් මිලදීගැනීමට රුපියල් අඩුවීමට එකම විකල්ප මුදල් මුද්‍රණය කිරීම බව කී අමාත්‍යවරයා අධිපතිතුමා සහ ලේකම්තුමා මුදල් මුද්‍රණය කියන අවසාන විකල්පයට අකමැති බව ද සඳහන් කරයි.

රටට ළගාවීමට නියමිත ඉන්ධන නෞකා හතරකට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 160 ක් පමණ සෙවීම මේ දිනවල අභියෝගය බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන සඳහා වන ඩොලර් මිලියන 530 ක අවශ්‍යතාව රටේ මුදල්වලින් කළමනාකරණය කළ නොහැකි බවත් ඩොලර් මිලියන 30 කට ණයවර ලිපියක් නිකුත්කිරීමට නොහැකිව දැවිතෙල් නෞකාවක් දින 20 ක කාලයක් නිදහස්කරගැනීමට නොහැකි වී ඇති බවත්ය.

Related posts

අගමැති දැන් එක්ස්පයර්… රන්ජන් බැට් කරන්න ඉල්ලයි (Video)

colombotoday

රාජිත නෙරපන තුරු වෛද්‍යවරු සටනේ.. අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

මුතුරාජවෙල කුණු කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වයි… කඩොලාන පරිසරයට හානියක් නෑ !

colombotoday

ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතිය

Admin

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

Admin