Colombo Today Local News

වැල්ලවත්තේදී බීමත් රියැදුරෙක් සිව් දෙනෙක් යට කර පළායයි – අයෙක් මරුට

කොළඹ වැල්ලවත්ත, මෙරීන් ඩ්‍රයිව්, රාජසිංහ මාවත අසලදී අද (06)දින අලුයම බීමත් රියදුරෙකු විසින් සිදුකර තිබූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (06)දින උදෑසන 5.45ට පමණ අනතුරු සිදුව තිබුණි.

රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණ ඇති අදාළ පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුව අනතුරට ලක්කර මෝටර් රථය නොනවත්වා ධාවනය කරඇති අතර එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙක් අනතුරට ලක්කර තිබුණි.

අනතුරට ලක්වූ එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.

වැල්ලවත්ත පොලීසිය ක්ෂණිකව සිදුකරන ලද මෙහෙයුමකදී එම අනතුරු සිදුකළ බීමත් පුද්ගලයා මෝටර් රථය ද සමග අත්අඩංගුවටගෙන ඇත.

අදාළ රථයේ ගමන් කළ තවත් බීමත් පුද්ගලයෙකුව ද පොලිස් අත්අඩංගුවට පත්විය.

Related posts

යාපනයේදී කේරළ ගංජා කිලෝ 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලයි

colombotoday

උතුම් මිනිසුන්ට අවි එසවීමගැන මා කනගාටුවෙනවා – තමිලිනි ලියු පොත පෙබරවාරියේ එළියට

colombotoday

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

colombotoday

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

කසාවතට දිවි කැප කළ සිල් මාතාවක් ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්….

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin