Colombo Today Local News

ගුරු – විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

ගුරු – විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (06)දින එම කටයුතු ආරම්භ කෙරුණි.

ඒ අදට යෙදී ඇති මෙරට ගුරු දිනයට සමගාමීව ය.

මෙතෙක් ගුරු – විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබුණි.

එහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ,

“ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටු වියයුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කරගනිමින් ලක්ෂ 43ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වෙනවා.”

Related posts

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

colombotoday

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

colombotoday

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

colombotoday

හිට්ලර් පාලනයක් බිහිවෙනවට මං විරුද්ධයි.. පක්ෂෙන් ඉවත්වී දිවි පුදා සටන් කරනනවා – වෙල්ගම

colombotoday

විග්නේෂ්වරන් එලවන විශ්වාසභංගයට එරෙහිව අද උතුරේ හර්තාල් !

colombotoday

ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ සම්බන්ධන් ව්‍යවස්ථාවෙන් කරගනී !!

colombotoday